රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය

gov-office

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාල රාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවා ගැනීම් ප්‍රමාණයන් හඳුනාගෙන, ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කිරීම පිණිස 2024-12-30 දින පැවති රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතන වල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන, කමිටුව විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබ දීම පිණිස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

67ab2cd81d5b6 67ab2cd708269