යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ අතිශය අමානුෂික බව හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරි පවසනවා.
ඒ අනුව අර්ධ කාලීන ලෙස සේවකයින් බඳවාගැනීමේ හැකියාවක් යෝජිත කම්කරු නීති සංශෝධනය යටතේ ආණ්ඩුව ඉදිරිපත් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ මගින් කාර්යබහුල වෙලාවන්හිදී පමණක් පැය 03කට සේවකයින් බඳවා ගැනීමට හෝටල් පාලකයින්ට අයිතිය ලැබෙන බවත් මේ තුළින් පැය 8 කට ගෙවීමක් සිදු කිරීම සහ අතිකාල දීමනා ගෙවීමට හෝටල් පාලකයින්ට අවශ්‍ය නොවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

