මෑතකදී විදේශ දූත මණ්ඩලවලට සුදුසුකම් නොසලකා දේශපාලන පත්වීම් සිදුකර තිබෙනවා – ශ්‍රී ලංකා විදේශ සේවා සංගම​ය

handshake

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට සිදුකර ඇති මෑතකාලීන පත්කිරීම් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

වෘත්තිමයභාවයේ, කුසලතා මත පදනම්ව සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණතාවේ පිළිගත් සම්මතයන් නොසලකා හරිමින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානී (මහකොමසාරිස් සහ තානාපති) ධූර රැසකට ශ්‍රී ලංකා විදේශ සේවයෙන් බැහැරව මෑතකදි පත්කිරීම් සිදුකර ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා අත්දැකීම් බහුල, ඉහළ සුදුසුකම්වලින් යුත් වෘත්තිමය විදේශ සේවා නිලධාරීන් නොසලකා හැර කරන ලද මෙම පත්වීම් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කළකිරීම පළ කරන බවයි ඔවුන් නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මෙය රජය ඉදිරිපත් කල මැතිවරණ ප්‍රකාශයට විරුද්ධ බවත් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ඒකාග්‍රතාව අනතුරේ හෙළන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ජනපතිවරයාගෙන් සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර තිබුණද ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

අදාළ නිවේදනය පහතින්.

67a6073fd2749pdf_page_1 67a6073fb5223pdf_page_0