හිඟ විදුලි බිල් පියවීමට කටයුතු නොකිරීම හේතුවෙන් විසන්ධි කළ බදුල්ල ශික්ෂණ රෝහලට අයත් අංශ කිහිපයක විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ (10) පස්වරුවේ රුපියල් මිලියන 20ක මුදලක් ගෙවා ඇති අතර ඉතිරි මුදල සතියක් තුළ ගෙවා දමන බවට ලිඛිතව දැනුම් දීමෙන් පසු යළි විදුලි සැපයුම ලබාදීමට පියවර ගෙන ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කළේ.
රුපියල් කෝටි 07කට ආසන්න හිඟ විදුලි බිලක් රෝහල වෙත යොමුකර තිබු අතර එය නොගෙවීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ රෝහලේ වෛද්‍ය නිල නිවාස, හෙද පුහුණු අංශය හා හෙද නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණා.
කෙසේ වුවද නිසි කළමනාකරණයකින් තොරව රෝහල් බලධාරීන් විදුලි බිල නොගෙවීම තුළින් වෛද්‍යවරුන් සහ සේවකයින් දැඩී අසීරුතාවට පත්වන බවයි වෛද්‍ය පාලිත රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.
බදුල්ල රෝහලේ විදුලි බිලෙන් මිලියන 20 ක් ගෙවයි
-
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා SDIG වරුණ ජයසුන්දරගෙන් පෙත්සමක්…..
Read more >> -
තරුණයින් 11ක් පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය – හිටපු නාවික හමුදාපතිවරයෙක් සැකකරුවෙකු ලෙස නම් කෙරේ….
Read more >> -
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්…..
Read more >> -
සීතාවකපුර පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙලා…..
Read more >> -
ගෝල්ෆේස් මුහුදු තීරයේ නාන්න ගිය සිසුන් තිදෙනෙකු ගසාගෙන යයි…..
Read more >> -
හෝටලයකට පැන්න චණ්ඩි – දෙදෙනෙකුට අමානුශික ලෙස පහරදෙයි……
Read more >> -
බෝතල් කළ පානීය ජලයට අද සිට නව උපරිම සිල්ලර මිලක්……
Read more >> -
‘එල් නිනෝ’ තත්ත්වය ගැන බය හිතෙන කතාවක්…..
Read more >> -
ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක්……
Read more >> -
ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්……
Read more >>

