පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් හෙයින් ඍජුව හෝ වක්‍රව ඒවායේ නිරත වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම්දෙනවා.
අන් අය බඳවා ගැනීම මඟින් ඉක්මණින් පොහොසත් විය හැකි ක්‍රම ලෙස හෝ අන්තර්ජාලය හරහා පහසුවෙන් මුදල් ඉපැයිය හැකි ක්‍රම ලෙස, ඒවා ක්‍රියාත්මක කරන වංචාකරුවන් විසින් මෙම පිරමීඩ යෝජනා ක්‍රම ඉදිරිපත් කරන බවද, ඒවාට නොරැවටී තමන් උපයාගත් මුදල් රැකගන්නා ලෙසද මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රකට ක්‍රීඩා, ආගමික හෝ විනෝදාශ්වාද අවස්ථා සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මඟින් ඒවා ක්‍රියාත්මක කරන වංචාකරුවන් යහපත් පුද්ගලයින් සේ සමාජයේ පෙනී සිටීමට උත්සාහ කරන බවද මහ බැංකුව පෙන්වා දෙනවා.
එවැනි යෝජනා ක්‍රම 8 ක් පිළිබඳව මේ වනවිට මහ බැංකුව මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කර ඇති බවද, ඊට අමතරව තවත් පිරමීඩ යෝජනාක්‍රම පැවතිය හැකි අතර ඒවා පිළිබඳව ද මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශනය කරමින් සිටින බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
නිවේදනය පහතින්.
පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් – ශ්‍රී ලංකා මහ බැංකුව
-
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා SDIG වරුණ ජයසුන්දරගෙන් පෙත්සමක්…..
Read more >> -
තරුණයින් 11ක් පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය – හිටපු නාවික හමුදාපතිවරයෙක් සැකකරුවෙකු ලෙස නම් කෙරේ….
Read more >> -
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්…..
Read more >> -
සීතාවකපුර පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙලා…..
Read more >> -
ගෝල්ෆේස් මුහුදු තීරයේ නාන්න ගිය සිසුන් තිදෙනෙකු ගසාගෙන යයි…..
Read more >> -
හෝටලයකට පැන්න චණ්ඩි – දෙදෙනෙකුට අමානුශික ලෙස පහරදෙයි……
Read more >> -
බෝතල් කළ පානීය ජලයට අද සිට නව උපරිම සිල්ලර මිලක්……
Read more >> -
‘එල් නිනෝ’ තත්ත්වය ගැන බය හිතෙන කතාවක්…..
Read more >> -
ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක්……
Read more >> -
ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්……
Read more >>

