පවතින අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසද පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි අදාළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. දහඩිය දැමීම හේතුවෙන් විජලන සහ ලවණ ඉවත්වීම හේතුවෙන් ඇති වන මස් පිඬු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඉහළ යාම මෙහි බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා. එමෙන්ම පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීමේ දී අධික උෂ්ණත්වය පවතින දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළැක්වීම මෙන්ම විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතු බවයි සෞඛ්‍ය අංශ දැනුම්දෙන්නේ. අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පාසලෙන් ඉවතට යැවීම වළක්වා ගැනීමත් අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් කටයුතු නැවැත්විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් දැක්වෙනවා.
අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් පාසල් සිසුන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
-
ක්‍රිකට් ගොඩගන්න හැටි ඉරාන් වික්‍රමරත්න කියයි….
Read more >> -
අප්‍රේල් මාසයේ කොළඹ උද්ධමනය සියයට 5.4ක් දක්වා ඉහළට…..
Read more >> -
පොලිස් නිලධාරියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්….
Read more >> -
රේගුවේ බහලුම් මුදා හැරීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඩිජිටල් වෙයි…..
Read more >> -
පරිවාස භාරයේ සිටි දරුවන්ට පහරදුන් නිලධාරීන් 4ක් අත්අඩංගුවට…..
Read more >> -
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කලුතර කාර්යාලයේ ගින්නක්….
Read more >> -
වැඩිමිලට කීරි සම්බා වික්ක අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට රු. ලක්ෂයක දඩයක්
Read more >> -
සාමයේ පාගමන නිම කරමින් හිමිවරු ඇතුළු පිරිස දිවයිනෙන් පිටව යති…
Read more >> -
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන්ට ඇප……
Read more >> -
ජල බෝතල් වැඩිමිලට අලෙවිකළ දඹුල්ලේ අවන්හලකට ලක්ෂ 5ක දඩයක්……
Read more >>

