වෙනත් අයෙකුගේ QR කේත භාවිතා කරමින් ඉන්ධන ලබා ගැනීමේ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි දහසකට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
එම ආමාත්‍යාංශයේ ලේකම් වර්ණ ශ්‍රී ධනපාල මහතා පෙන්වා දෙන්නේ අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පොලීසිය සමග එක්ව විමර්ශන ආරම්භ කර ඇති බවයි.
කෙසේ වෙතත් අත්වැරදීම් හා නොදැනුවත්කම හේතුවෙන් වෙනත් අයෙකුගේ QR කේතය භාවිතා කරමින් ඉන්ධන ලබා ගැනීමේ සිද්ධීන් ද මෙම පැමිණිලි අතරට අයත්වන බව අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.
ලැබී ඇති පැමිණිලි අතරින් පැමිණිලි 150කට අධික ප්‍රමාණයක් ඉදිරි ක්‍රියාමාර්ග සදහා පොලීසිය වෙත යොමු කර ඇති අතර මේ වන විටත් එම සිද්ධීන් වලට අදාළ පුද්ගලයින් කිහිපදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු වැඩිදුර පැවසීය.
ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂිත කැමරා පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව ද ඩිජිටල් ආර්ථික ආමාත්‍යාංශයේ ලේකම් වර්ණ ශ්‍රී ධනපාල මහතා පැවසීය.
මේ වන විට මිලියන 6කට අධික පිරිසක් QR කේතය ලබා ගැනීම සදහා ලියාපදිංචි වී සිටින බව ද වාර්තා සඳහන් වෙයි.

