IMF දෙන ණය ආධාරවලින් විතරක් රටේ ප්‍රශ්න විස‍ඳෙන්​නේ නැහැ – අලි සබ්‍රි

ali-sabry-un

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් ලබාදෙන ඇමෙරිකානු ‍ඩොලර් බිලියන 2.9කින් පමණක් රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය නොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා කියා සිටියේ එමඟින් මෙරටට දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍යව තිබූ ජනප්‍රිය නොවන එහෙත් ගත යුතුව තිබුණු තීන්දු තීරණ ගැනීමට හැකි වතාවරණයක් සැලැසෙන බවයි.

ඒ හා සමානවම රට සම්බන්ධයෙන් පොදුවේ ජාත්‍යන්තරය මීට වඩා වැඩි විශ්වාසයක් ඇතිවන බවත්, එමඟින් යම් ස්ථානයකට ගමන් කිරීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.