Asia cup 2023 Final : ඉන්දියාවට ලකුණු 51 ක ඉලක්කයක්

Asia-Cup-2023

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 50 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 17 ක් හා දුෂාන් හේමන්ත ලකුණු 13 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah එක් කඩුල්ල ක් හා Mohammed Siraj කඩුලු 6 ක්, Hardik Pandya කඩුලු 3 ක්  දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 51 ක්.