Asia Cup 2023: ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද

asiacup-afganistan-vs-srilanka

ආසියානු කුසලානයේ සුපිරි සිව් දෙනාගේ වටයේ දෙවැනි තරගය අද (09) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පස්වරු 03 ට ආරම්භ වන මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

අද තරගයට පිවිසෙන ශ්‍රී ලංකාව මූලික වටයේ තරග දෙක ම ජයග්‍රහණය කළ අතර, බංග්ලාදේශය මූලික වටයේ තරග දෙකෙන් ජයග්‍රහණය කළේ එක් තරගයක් පමණයි.