Asia cup 2023: ඉන්දියා පාකිස්තාන තරගයට අතිරේක දවසක් නම් කෙරේ

india-pakisthan-asia-cup

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර සැප්තැම්බර් 10 වනදා පැවැත්වෙන තරගය සඳහා අතිරේක දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව එම තරගය කොළඹ ඛෙත්තාරාම ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
යම් හෙයකින් 10 වනදා තරගය අතරතුර ඊට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් තරගය පසුදින එනම් 11 වනදා පවත්වීමට සූදානම් කර ඇති අතර තරගය සඳහා ප්‍රවේශපත් ලබාගත් පිරිස් සඳහා එම ප්‍රවේශපත් අතිරේක දිනය සඳහා ද වලංගු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.