අමාත්‍ය මහින්ද අමරවීර වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයාට වෙනත් අයෙකු පත්කිරීමට අවස්ථාව සලසමින් තමා මෙලෙස වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ කටයුතු කරන බවයි සඳහන් වන්නේ.

