කඩුවෙල පාතාල සහ දකුණේ පාතාලය කොටවන මාළිගාවත්තේ කුමන්ත්‍රණය….

News Iamges.00_00_00_05.Still2216

මේ වෙනකොට ලංකාවේ පාතාල ලෝකයම හෙල්ලිලා තියෙන්නේ ඒ ඇයි දන්නවද? කරන්දෙණියේ සුද්දගේ ගෝලයෙක් උන SF රාජු ඉන්දියාවේදී අත් අඩංගුවටපත් වීම ගැන

මේ වෙනකොට සමාජය මාධ්‍ය සහ පාතාල ලෝකය ඇතුලේ ලොකු ලොකු කථා යනවා ඒ අස්සේ මේක කරන්දෙණියේ සුද්දා ලංකාව පුරාම බලය ව්‍යාප්ත කරලා ගෝට් ෆාදර් වෙයි කියලා කීපදෙනෙක් බය වෙලා එක කණ්ඩායමක්‌ තමා මාලිගාවත්තේ කල්ලිය අනිත් කෙනා ඉතින් ගම්පහ ෆාදර් වෙන්න අසාවෙන් චිත්‍රපටි ගහනවා වයසක ලොක්කෙක් එයා ඉතිං එයා ලංකාවේ ගොර්ඩ් ෆාදර් කියලා ගොර්ඩ් කැල්ල හංගලා ෆාදර් කැල්ල විතරක් දාලා චිත්‍රපටි ගහන ගම්පහ හාදයානෙ හරි හරි ඉතින් කාගේ කාගේත් ආසාවල් තියනවා. ඒ ආසාවල් ගැන කථා පැත්තකට තියලා අපි මේ රටම කථා වෙන කරන්දෙණියේ සුද්දගේ කතාවට බහිමු

අද වෙනකොට ලංකාවේ හතර වටේටම කුඩු බෙදන්නේ කරන්දෙණියේ සුද්දා ඒ විතරක් නෙවෙයි දකුණේ ඉදන් කොළබ සුපිරි වැඩ ගහන්නේ කරන්දෙණියේ සුද්දා දැන් ගනේමුල්ලේ සංජිව නැති නිසා ගම්පහත් ටික ටික බලය අල්ලන්න කරන්දෙණියේ සුද්දා සුදානම් කියලා අපිට ආරංචිය

ඉතින් එකට ගම්පහ වයසක හාදයා ගොඩක් බය වෙලා එකට මේ හින් නුල් වයසක හාදයා මාලිගාවත්තේ කල්ලිය එක්ක සෙට් වෙලා මාස්ටර් ප්ල්න් එකක් ගහලා සුද්දට එක පාර ගහන්න බෑනේ. මහා රූස්ස ගහක් උනත් එක පාර බිමට වට්ටන්න බැහැනේ. එක නිසා මේ ලංකාවේ පුරාම විසිරිලා යන කරන්දෙණියේ සුද්දගේ අතු කපන්න SF රාජු අත් අඩංගුවට ගත්තා එක දඩමීමා කරගත්තා

SF රාජු අත් අඩංගුවට ගන්න ඔත්තුව දුන්නේ කරන්දෙණියේ සුද්දා ලග ඉන්නම සෙට් එකක් කියලා කරන්දෙණියේ සුද්දගේ හිතට සැකයක් දෙන්න මේ වෙනකොට මාලිගාවත්තේ පාතාල කණ්ඩායමට සම්බන්ද FB Page සෙට් එක මාර විදියට ගේමට බැහැලා. රජෙක් උනත් විනාශ කරන්න හොදම ආයුදය තමා කේලම ඔන්න ඉතිං මේ කේලම් වලට අහුවෙලා කරන්දෙණියේ සුද්දා හදන්න ගියපු පාතාල අධිරාජ්‍යය බිමට සමතලා කරලා දාන්න හදන්නේ. මේ සේරගෙම පිටිපස්සේ ඉදන් ගානට ඉත්තෝ අදින ගම්පහ වයසක හාදයා මේ ගේමත් සුපිරියට ගැහුවා. ගනේමුල්ලේ සංජිවට වෙන ඉරණම ලගදීම කරන්දෙණියේ සුද්දටත් අත් කරන්න මේ ගහපු ප්ලන් එක ගැන කියන්න වචන නෑ ඉතින් මේ වෙනකොට පාතාල ආරංචි මාර්ග වල හැටියට තියෙන්නේ කරන්දෙණියේ සුද්දගේ ජාලයම අවුල් වෙලා කියලා තමයි. මීලග පාතාලයේ ගොර්ඩ් ෆාදර් කිරුල මාලිගාවත්ත කල්ලිය දිනාගන්න දිනුම් කනුව ආසන්නයේ ඉන්නේ හොදේ

උපුටා ගැනීම – සමාජ මාධ්‍ය