2026 ජනවාරි මාසයේ දී කොටස් වෙළෙඳපොළේ 5.25% ක වර්ධනයක්…..

News Iamges.00_00_00_00.Still1498

අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (30) දිනයේ දී වාර්තා විය.

එහිදී සියලු කොටස් මිල දර්ශයේ ඒකක 23,812.31ක් දක්වා ඒකක 88.58ක පහළ යාමක් වාර්තා වූ අතර S&P SL20 දර්ශකයේ ඒකක 6,641.15ක් දක්වා ඒකක14.51ක පහළ යාමක් වාර්තා වුණි.

සියලු කොටස් මිල දර්ශකයට අනුව 2026 ජනවාරි මාසය තුළ දී කොටස් වෙළෙඳපොළේ 5.25%ක වර්ධනයක් සිදුව ඇත.

මේ අතර රු. බිලියන 9.19ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනය තුළ වාර්තා වී තිබුණි.