කොළඹ වරාය තුළ නැවත වරක් බහාලුම් රථ තදබදයක් ඇතිවෙමින් පවතින බව බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පවසනවා.
අදාළ නිලධාරීන් විසින් කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශ පිළි නොපැදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි අද (25) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමියේම කොටසක් රේගුවට ලබා දෙමින්, තදබදය අවම කිරීම සඳහා සියලු පහසුකම් සහිත අක්කර දෙකක භූමියක් නව රජය විසින් වෙන් කර දී තිබුණ ද, මේ වන තෙක් එම භූමියට එකදු රථයක්වත් ඇතුළත් කර නොමැති බවද, එබැවින් කන්ටේනර් රථ රියදුරන් සහ හිමිකරුවන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
මෙය නිරාකරණය කර ගැනීම සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙසයි බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.