හික්කඩුව නගර සභාව, තලවකැලේ ලිඳුල නගර සභාව හා දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය අද (19) සමත් වුණා.
ඒ අනුව, හික්කඩුව නගර සභාවේ නගාරාධිපතිවරයා ලෙස යසස්වින් ගොඩකන්ද තේරීපත් වුනා. පැවති රහස් ඡන්දයෙන් ඔහු ඡන්ද 11 ක් ලබා ගැනීමට සමත් වූ අතර, සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ චමින්ද රුවන්ට හිමිවූයේ ඡන්ද 07 ක් පමණයි.
මේ අතර, තලවකැලේ ලිඳුල නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස එම්.එල්. උපාලි තේරීපත් වුනා. පැවති විවෘත ඡන්ද විමසීමේදී ඔහුට ඡන්ද 06 ක් හිමිවී තිබූ අතර, විපක්ෂයෙන් ඉදිරිපත් වූ අනෙක් අපේක්ෂකයාට ලැබුණේ ඡන්ද 05 ක් පමණයි.
එසේම, දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නිලූෂ කවිරත්න තේරීපත් වූ අතර, එහිදී ඔහු ඡන්ද 14 ක් ලබා ගැනීමට සමත් වුණා.