අද (19) සවස ආරම්භ කිරීමට නියමිතව තිබූ බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම තාවකාලිකව නවතා දමා ඇති බව බේරුවල නගර සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පවසනවා.
ඒ අනුව සභාව පිහිටුවීමට අද සූදානම් කර තිබුණද, බේරුවල නගර සභාවට තේරී පත්වූ සජබ මන්ත්‍රීවරුන් 06 දෙනාගෙන් 04 දෙනෙකුට ඒ බව දන්වා එවන ලිපිය නොලැබීම නිසා එම මන්ත්‍රීවරුන් හතරදෙනා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනු බවයි සඳහන් වන්නේ.
එහිදී අදාළ ලිපි නිසියාකාරව ලබාදී, දැනුවත් කිරීමෙන් අනතුරුව නගර සභාව පිහිටුවීමට කටයුතු කරන ලෙස එහිදී අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබෙනවා.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී බේරුවල නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් විසින් මන්ත්‍රී ආසන 07ක්, සමගි ජන බලවේගය විසින් මන්ත්‍රී ආසන 06ක් හා ජාතික ජන බලවේගය විසින් මන්ත්‍රී ආසන 03ක් දිනාගත්තා.