මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වටා ඉදිකර ඇති ආරක්‍ෂිත වැට සම්බන්ධව පවත්නා ගැටලු සාකච්ඡා කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා තිබෙනවා.
වන අලින්ගෙන් ගුවන්තොටුපොළ ආරක්‍ෂිත වැටට නිරන්තරයෙන් සිදුවන හානි සහ එම හානි වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව ඇති බවයි සඳහන් වෙන්නේ.
ගුවන්තොටුපොළ මෙහෙයුම් සහ මහජන ආරක්‍ෂාව යන දෙඅංශයටම ඇති විය හැකි තර්ජනය හඳුනා ගනිමින්, ගැටලු විසඳලීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස එහිදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ සියලුම පාර්ශ්වකරුවන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මෙම සාකච්ඡාව සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම සමඟ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වී ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.