ජරාජීරණ වූ ඩීල් දේශපාලනය යළි හදන්නට ආණ්ඩුව මූලික වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.
ඒ අනුව හොරුන්ට දඬුවම් දෙන බවත්, ‘සුද්ද කරන’ බවත් ආණ්ඩුව පැවසුවද, ආණ්ඩුව විසින් හොරුන් යැයි පැවසූ පිරිස් සමගම සභා පිහිටුවීමට කටයුතු කර ඇති බවයි අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මෙරට ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් විය යුතු බවද, ඡන්දයට පරිබාහිරව සභාපති හා උප සභාපති තෝරා ගැනීමේ අවස්ථාවලදී බොහෝ තැන්වල ගැටලු නිර්මාණය වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ දී මතු වූ අර්බුද සම්බන්ධයෙන් අධිකරණය හමුවට යෑමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.