2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන විෂයභාර ඇමතිනී හරිනි අමරසූරිය පවසනවා.
ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරියගේ සහභාගිත්වයෙන් ඊයේ (16) මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී පවත්වා ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
2026 වසරේ සිට 01 සහ 06 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශය හඳුන්වා දෙන බවත්, 2028 වර්ෂයේදී 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බවත් නව විෂය නිර්දේශයට අනුකූලව 2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට කටයුතු කරන බවයි පැවසෙන්නේ.
09 වන ශ්‍රේණියේ සිට වෘත්තිය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිත බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්.