දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ සභිකයින් 06 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේදී සමගි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව,
* සුසිල් හේරත්
* අනිල් ඉන්ද්‍රජිත් දසනායක
* ධනංජය සම්පත් කරදගොල්ල
* ප්‍රියරංජන කුමාර රත්නායක
* කුසුමා කුමාරි
* ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න
යන අයගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙන බවයි සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.