අද (13) උදෑසන බෝම්බ තර්ජනයක් පිළිබඳව වාර්තා වීමෙන් පසු තායිලන්තයේ ෆුකෙට් සිට නවදිල්ලිය බලා පිටත් වූ Air India ගුවන් යානයක් (AI379) ආපසු ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, ගුවන් යානයට ඇති බෝම්බ තර්ජනයක් පිළිබඳව යානයේ නියමුවා එරට වේලාවෙන් උදෑසන 09:30ට ගුවන් ගමනාගමන පාලක මැදිරියට දැනුම් දුන් බව ෆුකෙට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහන් කර තිබෙනවා.
ගුවන් යානය හදිසි ගොඩබෑමට අවසර ලබා දෙන ලෙස ඔහු ඉල්ලා තිබෙනවා.
මගීන් 156 දෙනෙකු රැගත් ගුවන් යානය එරට වේලාවෙන් උදෑසන 09:15 ට ගුවන්ගත වී ඇති අතර, එය උදෑසන 11:38ට ආරක්ෂිතව ගොඩ බස්වා තිබෙනවා.