අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත් වී තිබෙනවා.
ඒ අනුව බහුතර බලය ලබා ගනිමින් සමගි ජන බලවේගයේ සභාපති ධුර අපේක්ෂකයා වූ රණසිංහ වනිගසේකරලාගේ ධර්මදාස කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වී තිබෙනවා.
පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුර 07ක් හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වූ අතර, සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 06ක්, පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 03ක්, පොදුජන එක්සත් පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායම් අංක 01 ට එක් මන්ත්‍රී ධුරයක් බැගින් ද හිමි වී තිබුණා.