මගීන් 232 ක් හා කාර්ය මණ්ඩලයේ 12 ක් සමඟ සමඟ ඉන්දියාවේ අහ්මදාබාද් හිදී ගුවන් යානයක් අද පස්වරුවේ අනතුරට ලක්වී තිබුණා.
නවතම තත්ත්වය පහතින් :
* ගුවන් යානය වෛද්‍ය නේවාසිකාගාරයක ගැටී ඒ මතට කඩා වැටී තිබෙනවා.
* වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ මහල් නිවාසවලට හානි සිදුවී ඇති අතර, බොහෝ පිරිසක් බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.
* ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බවයි අහමදාබාද්හි පොලිස් ප්‍රධානියා සඳහන් කරන්නේ.
* එසේම ගුවන් යානාව කඩා වැටුණු ප්‍රදේශයේද ඇතැම් පුද්ගලයින් මියගොස් ඇති බවද ඔහු පවසනවා.
* ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් සඳහන් කරන්නේ මෙම අනතුරෙන් බොහෝ පිරිසක් අහිමි වූ බවත්, ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.
* ගුවන් යානයේ බ්‍රිතාන්‍ය ජාතිකයින් 53 ක් ගමන් කර ඇති අතර ඉන්දීය ජාතිකයින් 169 ක් ගමන් කර තිබෙනවා.
* අනතුර සිදුවු අහමදාබාද් හි ‘සර්දාර් වල්ලභභායි පටෙල්’ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නතර කර තිබෙනවා.
* අනතුර සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් එයාර් ඉන්දියා සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් පවසන්නේ මෙම ඛේදනීය අනතුරට මුහුණදුන් පවුල්වලට ශෝකය ප්‍රකාශ කරන බවත්, මේ මොහොතේ මූලික අරමුණ වන්නේ බලපෑමට ලක් වූ සියලුම පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහාය වීම බවයි.