අනතුරට පත්වු එයාර් ඉන්දියා ගුවන් යානයේ සිටි එක් මගියෙකු දිවි බේරා ගැනීමට සමත් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව රමේෂ් විශ්වස්කුමාර් බුචර්වාද නම් පුද්ගලයා මෙලෙස මාරාන්තික අනතුරෙන් ආශ්චර්යමත් ලෙස දිවි ගලවාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ගුවන් යානයේ අසුන්ගෙන සිටි 38 හැවිරිදි රමේෂ් සිද්ධිය අතරතුර ගුවන් යානයෙන් පැන අතර පසුව ඔහු මුදාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එම අනතුරෙන් ගුවන් යානයේ ගමන් ගත් අනෙකුත් මගීන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.