අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි විරෝධතා උත්සන්න වීමත් සමඟ එහි කොටසකට ඇඳිරිනීතිය පැනවීමට ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරයා විසින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට පොලීසිය විසින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් ඇති අතර පසුගිය දින හතර තුළ අවම වශයෙන් පුද්ගලයින් 378 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් වන අන්තර්ජාතික අපරාධ සහ නීති විරෝධී සංක්‍රමණවලින් එක්සත් ජනපදය ආරක්ෂා කිරීමේ ආයතනය වන ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) ආයතනයට සහ ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව ක්‍රියාත්මක මෙම විරෝධතා මේ වන විට නිව්යෝර්ක්, චිකාගෝ, සියැටල්, ඩෙන්වර්, සැන් ෆ්‍රැන්සිස්කෝ, ඇට්ලන්ටා සහ තවත් බොහෝ ප්‍රධාන නගරවලට ව්‍යාප්ත වී ඇති ඇති බවද සඳහන්.
ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) ආයතනය මඟින් සිදුකරන වැටලීම්වලදී එරට පොලීසිය ඔවුන්ගේ සේවා ස්ථානවලට ඇතුළුවී පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට කටයුතු කිරීමත් සමඟ පසුගිය සිකුරාදා මෙම විරෝධතා ආරම්භවී තිබුණා.
\මෙම විරෝධතාවයට හේතුව ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12 ක පුද්ගලයින්ට එරටට ඇතුලුවීම තහනම් කරමින් පැනවූ නියෝගයට එරෙහිව බවට අප මීට පෙර වාර්තා කරන ලද පුවතේ සඳහන් කර තිබූ අතර නව පුවත මඟින් එය නිවැරදි කර තිබෙනවා.