2019 වසරේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196.8ක් ප්‍රවාහනය කරමින් සිටියදී උතුරු මුහුදේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම හා ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි ධීවරයින් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් තීන්දුවක් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කර තිබෙනවා.
ඒ අනුව, අදාළ නඩුව යළි විභාග කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාධිකරණයට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ගනු ලැබූ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමට අවසර ලබා දෙමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.