කොළඹ නගර සභාවේ විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත් කරන පුද්ගලයා පිළිබඳව හෙට (03) දිනයේදී දැනුම් දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
ඒ අනුව අදාළ අපේක්ෂකයා සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ දැනුවත් කර ඇති බවයි අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එම ඉදිරිපත් කරන අපේක්ෂකයාට ස්වාධින කණ්ඩායම් හා දේශපාලන පක්ෂවල සහයෝගය හිමිවන බවට ධනාත්මක ප්‍රතිචාරයක් ඇති බවත්, ඒ අනුව, කොළඹ නගර සභාවේ බලය සමගි ජන බලවේගයට පිහිටුවීමට හැකිවනු ඇති බවයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.