ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 තිබුණු මට්ටමට පැමිණීමට තව වසර දෙකක හෝ තුනක කාලයක් ගත වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර පවසනවා.
ඒ අනුව 2019 – 2023 යන වසර පහක කාලය තුළ ධන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත්තේ 2021 වසරේදී පමණක් බවත්, සෙසු සෑම වසරකදීම වාර්තා වන්නේ ආර්ථිකයේ සංකෝචනය වීමක් බවයි 2024 වාර්ෂික ආර්ථික විවරණයෙන් පිළිබිඹු වන ශ්‍රී ලංකා ආර්ථිකය මැයෙන් ඊයේ (27) කොළඹ මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති දේශනයෙන් අනතුරුව පැවති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ආර්ථිකය ඉතා පහළ මට්ටමක පැවති බවද ඔහු ප්‍රකාශ කළා.
2018 වසරේ දී රු. ට්‍රිලියන 13.2ක් ලෙස පැවති මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය, 2023 වසර වන විට රු. ට්‍රිලියන 11.9ක් දක්වා අඩු වී ඇති බවත්, එය 2024 වසරේ දී රු. ට්‍රිලියන 12.5ක් දක්වා වර්ධනය වී ඇති බවත් ඔහු පවසා සිටියා.