රජය විසින් පත් කරන ලද ආයතන සභාපතිවරුන් සොරකම් කිරීමට පටන්ගෙන ඇති බවට සාක්ෂි ලැබී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.
ඒ අනුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා නිල වාහනය ලබා ගන්නවා වෙනුවට, තම පෞද්ගලික වාහනය භාවිතා කරමින් ප්‍රවාහන වියදම ලබාගෙන ඇති බවයි අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එය ගැටලුවක් නොවන බවද, නමුත් කාර්යාලයට පැමිණි පසු සංචිතයේ ඇති වාහන භාවිතා කරමින් ගමන් බිමන් යන බවද, ඔහුගේ පෞද්ගලික වාහනයට රියදුරෙක් ලබාදීම හා ප්‍රවාහන දීමනාව ලබාගන්නා අතරතුර සංචිතයේ වාහන භාවිතා කිරීම නීති විරෝධී බවද ඔහු ප්‍රකාශ කළා.
එම වාහනවලට අමතරව තවත් වාහනයක් සභාපතිවරයා විසින් සංචිතයෙන් ලබාගෙන ඇති බවත්, ඔහු විසින් වාහන තුනක් භාවිතා කරන බවයි උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළේ.