මැයි 09 වැනිදා සිට 24 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මදුරු මර්දන වැඩසටහනේ දී මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 30,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
එම විශේෂ මදුරු මර්දන සතිය තුළ පරිශ්‍ර 128,824ක් පරික්ෂාවට ලක් කර ඇති අතර, එහිදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන 31,145ක් හඳුනාගත් බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,777ක් මෙහිදී හඳුනාගෙන ඇති අතර, මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය 3,916ක් සඳහා රතු නිවේදන නිකුත් කර තිබෙන බවත්, තවත් පරිශ්‍ර 1,470කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.