කොත්මලේ, රම්බොඩ ප්‍රදේශයේ අද (14) පස්වරුවේ වෑන් රථයක් පෙරළී සිදු වූ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා.
තුවාලකරුවන් කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.