වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට හේතුවූයේ ඔවුන් විසින් එල්ල කළ අභූත චෝදනා බව පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි පවසනවා.
ඒ අනුව නව ආණ්ඩුව පත්වි මාස 6 ක් ගතවන විට එම චෝදනා ඔප්පු කිරීමට නොහැකි වන විට ඡන්දය ලබාදුන් ජනතාව සිදුකළ චෝදනා ඔප්පු කරන ලෙස ආණ්ඩුවට රතු එළියක් දල්වා ඇති බවයි අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
එසේම මාස 6 වැනි කෙටි කාලයක් තුළ කිසිවෙකුත් නොසිතූ අයුරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා මිලියනයකට ආසන්න පිරිසක් එක්වී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් කර ගැනීමේ සටන ආරම්භ කරන ලෙස ඡන්දය ලබාදුන් ජනතාව කොළ එළියක් ලබාදි ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර ගැනීමේ සටන ආරම්භ කර ඇති බවත් එය ධාර්මික යුද්ධයක් බවත් එම යුද්ධයට නායකත්වය ලබාදෙන සෙන්පතියා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බවයි දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ, නාමල් රාජපක්ෂට එරෙහි චෝදනා ඔප්පු කරන ලෙස ඉල්ලා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි සහ පොදු ජන පෙරමුණේ නීතිඥ සංගමය නියෝජනය කරමින් නීතිඥයින් කීපදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.