පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ කැනඩාවේ ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාවය කැනඩා මහ කොමසාරිස්වරයා වෙත විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව යුද ගැටුම්වල අවසාන අදියරේදී ජන සංහාරයක් සිදුකළ බවට එල්ලවන චෝදනා ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිඳු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ කරන ලද නොවන බවත් එය සමඟ යවන තොරතුරු මත පදනම්වී ඇති අතර ශ්‍රී ලංකාව මෙම අසත්‍ය අඛ්‍යානය තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාව තුළ මැතිවරණ වාසි ලබා ගැනීම සඳහා මෙම ප්‍රචාරය දියත් කර ඇති බවද විදේශ අමාත්‍යවරයා දැනුම්දී තිබෙනවා.
එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර ජාතික සමගිය, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය අඛණ්ඩව දරන උත්සාහයන්ට බාධාවක් සහ සංකීර්ණා ඇති කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
පසුගියදා කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීමට කටයුතු කර තිබුණා.
අදාළ නිවේදනය පහතින්.