වීසා කාලය ඉක්මවා, නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලාදේශ ජාතිකයන් 34 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් ඊයේ සීදුව ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අවුරුදු 19 – 54 අතර වයසේ පසුවන මොවුන්, වැලිසර ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර, ඔවුන් කඩිනමින් බංගලාදේශය වෙත පිටුවහල් කිරීමට කටයුතු කරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ.