අධිකරණය වෙත භාරවූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අද (07) නියෝග කළා.
කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව විරුද්ධව නඩු පවරා තිබුණු අතර, අධිකරණය මඟහැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබුණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.