විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් “ලොකු පැටී” නැමැත්තා බෙලරූස් රාජ්‍යයේ සිට අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට රැගෙන ආවා.
ඒ අනුව සැකකරු බෙලරූස් රාජ්‍යයේ සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් අද උදෑසන 07.48ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බවයි සඳහන් වෙන්නේ.
කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ලොකු පැටී නැමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව සැකකරු නුගේගොඩ පිහිටි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණා.
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලොකු පැටී නැමැත්තා බෙලරූස් රාජ්‍යයේදී පසුගිදා අත්අඩංගුවට ගෙන තිබුණා.