අම්බලන්ගොඩ, කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මරණයට පත්වීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
කොස්ගොඩ – හතරමං හන්දිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අදාල තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ මව්පියන් විසින්ම කොස්ගොඩ පොලිසියට කළ දැනුම්දීමකට අනුව බවයි පැවසෙන්නේ.
මෙම තරුණයා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිට ඇති බවද, පොලිසිය තුළදී අසනීප වීම නිසා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව, ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන්.
අත්අඩංගුවේ සිටි තම පුත්‍රයාට පහරදීමක් සිදුව ඇති බවට එම තරුණයාගේ මව්පියන් චෝදනා කර සිටිනවා.
අදාළ තරුණයා සිර මැදිරිය තුළ සිටියදී සිහිසුන් වූ බවත්, පසුව ඔහු රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි කොස්ගොඩ පොලිසිය පවසා සිටියේ.