පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ (01) දිනයේ පමණක් පැමිණිලි 170ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව, මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 3,998ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.
ඉන් පැමිණිලි 3,722ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 26ක් ලැබී ඇති බවද සඳහන්.
ලැබී ඇති පැමිණිලි 3,998න් 3,362ක් මේ වන විට විසඳා ඇති බවත්, සෙසු පැමිණිලි 636 සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
අදාළ නිවේදනය පහතින්.