කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා.
අදාළ පෙත්සම මඟින් ඉල්ලා තිබුණේ, පෙහෙල්ගාම් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කරන ලෙසයි.
ඒ අනුව අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත්තේ මෙවැනි පියවරක් හරහා සන්නද්ධ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය බිඳ දමනු ඇති බවත් මෙතරම් සංවේදී කරුණක් සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කිරීමට පෙර එහි බරපතළකම සොයාබැලිය යුතුව තිබූ බවයි.