පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (27) දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේදී සියලුම නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදාදීමට තැපැල් දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
නිල ඡන්ද පත්‍රිකා බෙදීම එළැඹෙන 29 වැනි දින අවසන් වන අතර එදින වන විට නිල ඡන්ද පත්‍රිකා නොලැබූ ඡන්ද හිමියන්ට සිය ඡන්ද හිමි නාමලේඛනයේ තමන් ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම්පත ලබා ගත හැකි බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.