ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී, එරට කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු බංග්ලාදේශ පොලීසිය විසින් බේරාගෙන ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.
ඩකා අගනුවරට කිලෝමීටර 200කටත් වඩා දුරකින් පිහිටි බාගර්හාට් නම් පළාතේ ව්‍යාපාරිකයෙකුගේ ආරාධනයක් මත මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා පසුගිය අඟහරුවාදා (22) බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබෙනවා.
අදාළ කප්පම්කරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ව්‍යාපාරිකයන් සමග ව්‍යාපාරික සුහඳතාවක් ගොඩ නගාගෙන ඇති බවද, ඔවුන්ගේ ආරධනයක් මත මෙම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් බංග්ලාදේශයට ගෙන්වාගෙන මෙම පැහැරගැනීම සිදු කර තිබෙන බවද අනාවරණය වී තිබෙනවා.
බාගර්හාට් පොලීසිය ක්ෂණික මෙහෙයුමක් දියත්කර කප්පම් සඳහා රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනාම බේරාගෙන ඇති බවත්, පැහැරගැනීමට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.