ජම්මු-කාශ්මීරයේ පහල්ගම් හිදී පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසීෆ් පවසනවා.
ජාත්‍යන්තරය විසින් පවත්වනු ලබන ඕනෑම පරීක්ෂණයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට සූදානම් යැයි පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
කිසිදු සාක්ෂියක් නොමැතිව, කිසිදු විමර්ශනයක් නොමැතිව ඉන්දියාව විසින් පාකිස්තානයට දඬුවම් කිරීමට පියවර ගනිමින් සිටින බවයි ඔහු පවසා සිටින්නේ.
මෙය යුද්ධයක් ලෙස ඇවිලෙනවාට තමන් කැමති නොවන බවත්, එසේ වීමෙන් මෙම කලාපයටම ව්‍යසනකාරී තත්ත්වයක් උදාවනු ඇති බවයි පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටින්නේ.