හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති නිල වාහන සහ මාසික ඉන්ධන කෝටාව අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඊට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ චක්‍රලේඛය අනුව හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදෙන වාහන ගණන දෙකකට සීමා කර ඇති අතර, අමතර සියලු වාහන යළි ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදෙන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම හිටපු ජනාධිපතිවරයෙකුට මාසිකව ලබාදුන් ලීටර් 2250ක ඉන්ධන කෝටාව ලීටර් 900 කට සීමා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.