වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහ නායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් පවසනවා.
ඒ අනුව අද (24) උදෑසන පැවති විශේෂ සාකච්ජාවකින් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළා.
එසේම, මේ වන විට මහනුවර පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේදී තීන්දු තීරණ කිහිපයක් ගත් බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.