මෙරට රග්බි ක්‍රීඩාවේ නිරත වන පළමු කොටසේ විදුහල් 16 තරග වදින, ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය හෙට (25) සිට ආරම්භ වනවා.
ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් මූලික වටයේ තරග 02 ක් පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව කොළඹ ඩී.එස්. සේනානායක විදුහල කොළඹ CR & FC ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතයි.
එසේම, කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව මරදාන ශාන්ත ජෝෂප් විදුහල කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී හෙට තරග වැදීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
ජනාධිපති කුසලාන සඳහා වන පළමු අවසන් පූර්ව තරගය මැයි මස 09 වැනිදා රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී ද, දෙවැනි අවසන් පූර්ව තරගය මැයි මස 11 වැනිදා හැව්ලොක් පිටියේදී ද පැවැත්වෙන අතර, අවසන් මහා තරගය මැයි 18 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.