නිල දරිද්‍රතා රේඛා සටහනෙහි පෙබරවාරි මාසය සඳහා වන දත්ත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව 2025 පෙබරවාරි මාසය වෙනුවෙන් නිකුත් කර ඇති මෙම නවතම සටහන අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය කෙරෙන අවම මුදල රු. 16,318 ක් ලෙසයි සඳහන් වෙන්නේ.
දිස්ත්‍රික්ක වශයෙන් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් දැරිය යුතු වැඩිම මුදල කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම මුදල රු. 17,599 ක් වනවා.
එමෙන්ම එහි අඩුම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය රු. 15,603 ක් ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
2025 පෙබරවාරි මාසයේදී වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (NCPI) අගය පෙර මාසයට සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම මෙලෙස නිල දරිද්‍රතා රේඛාව පහළ යාමට හේතු වී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ දරිද්‍රතා රේඛාව පහතින්.