කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහෙය පැවති අවස්ථාවේදී ඒ අසල සිට සැකපිට අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කෙරුණු කාන්තාව සහ පිරිමි පුද්ගලයා මුදාහරින ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව එම සැකකරුවන් අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
ඊයේ දින කොච්චිකඩේ ශාන්ත මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහෙය පැවති අවස්ථාවේදී ඒ අසල සැක කටයුතු ලෙස ගමන් කරමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවත්, ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නියෝග අනවශ්‍ය බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී ඇති අතර, ඒ අනුව අදාළ සැකකරුවන් මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.