නව වසරට සුබ පතා සෑම වසරකම ජංගම දුරකථනවලට එවූ කෙටි පණිවිඩය (SMS) එවීම මෙවර සිදු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසනවා.
ඒ හරහා රුපියල් ලක්ෂ 980 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබුණ බවත්, ජනතාවගෙන් ලබාගෙන ජනතාවටම SMS යැවූ යුගය වෙනස් කළ බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ.
නායකයෙක් සිටිය යුත්තේ අවුරුද්දට SMS යැවීමට නොවන බවද, බදු ගෙවන ජනතාවට සාධාරණව ජීවත්විය හැකි ලෙස එය බිමේ වැඩ සඳහා යොදවනවා නම් නායකත්වය යනු එය බවද, ජනතාව පත් කරගත් ජනාධිපතිවරයා එම කටයුත්ත නිසි පරිදි සිදුකරන බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.