ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවට පැවසූ වාර්තාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමයේ පාර්ලිමේන්තුවට සභාගත කළ එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
වත්මන් ජනාධිපතිවරයා විසින් එම වාර්තාව අලුත් වාර්තාවක් ලෙස නැවත භාරදී ඇති බවත්, රජයෙන් මේ ගැන විමසූ විට පෙර වාර්තාවේ කොළ අඩු නිසා නැවත ඉදිරිපත් කළ බවට ප්‍රකාශ කරන බවත්, කොළ අඩු නම්, මාස 07 ක් තිස්සේ සිදුකළේ කුමක්දැයි ගැටලු සහගත බවයි ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
එවක සිටි බුද්ධි අංශ ප්‍රධානීන් අද ආණ්ඩුවේ තනතුරු දරමින් රැකවරණය ලබන බවත්, ප්‍රධාන බෝම්බකරුගේ පියා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටි බවත්, පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු කිරීමට යන්නේ මොවුන් දමා දැයි ගැටලු සහගත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් විමසා සිටියේ.